කොරෝනා නිසා නිවෙස්වල සිරවූ අයට කියවීමට පොත් නිවසටම

මාර් 25, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ බොහෝ කඩසාප්පු වසා ඇති මොහොතක පාපැදි මගින් පාඨකයන් වෙත පොත් බෙදා දීමේ පුවතක් එරටින් වාර්තාවේ.

    තම නිවෙස් තුළ ස්වයං නිරෝධායනකට ලක්ව සිටින කියවීමට රුචියක් දක්වන බොහෝ පිරිසකට මෙය ඉතා වටිනා අවස්ථාවක් වී තිබේ. කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් බොහෝ පිරිසක් සිය නිවෙස්වලින් බැහැරවීමට උත්සුක වන්නේ නැහැ. නිවෙස් තුළ සිරවී සිටින සියලුදෙනාට මානසික සුවය අත්කර ගැනීමට මෙය ඉතා කදිම විකල්පයක් වී තිබේ. “ග්ලීබුක්” නැමැති පොත් වෙළඳසැල මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. නිවසින් බැහැරව නොයා විචිත්‍රවත් ස්ථානවල සැරිසැරීමට ඇති හොඳම මග පොත් බවයි මින් ප්‍රතිලාභ ලබන ඕස්ට්‍රේලියානු වැසියන් සඳහන් කරන්නේ.

    Latest News