COVID-19 එරෙහි සටන වෙනුනේ චීනයෙන් පෝලන්තයට සහන

මාර් 25, 2020

    COVID-19 වසංගතයට එරෙහිව චීනය විසින් පෝලන්ත රජයට සහ ජනතාවට සහය ලබාදෙන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

    පෝලන්ත ජනාධිපති ඇන්ඩ්‍රෝජ් දුඩා සමග කළ දුරකතන සංවාදයකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

    පෝලන්තය තුළ මේවන විට කොරෝනා රෝගීන් 901ක් හඳුනාගෙන තිබේ. එරට තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 10කි. චීනය තුළ දරුණු ලෙස කෙරෝනා වෛරසය පැතිරයන අවස්ථාවේ පෝලන්ත රජය හා පෝලන්ත ජනතාව ලබාදුන් සහය අගය කරන බව චීන ජනාධිපති පෙන්වා දෙන අතර පෝලන්තය මුහුණ දෙන වසංගත තත්වයට ද විශේෂඥ සහය ඇතුළු රෝගය මැඩ පැවැත්වීමේ අවශ්‍යතාවන් සපුරාලීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත.

    Latest News