උපනායක්වය හිමිව තිබෙන්නේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලටයි. ශ්රී ලංකා ක්රිකට් ආයතනය මෙය අද නිල වශයෙන් ප්රකාශයට පත් කළේය. කණ්ඩායමට ක්රීඩකයින් 17 දෙනෙක් ඇතුළත් වෙති. මීට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ අනුමැතිය ද හිමිව තිබේ.
වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග ශ්රී ලංකා 20-20 කණ්ඩායමට මීට පෙර මෙහෙයවනු ලැබූ අතර, එක් දින කණ්ඩායමේ නායකත්වයට පත් වූ පළමු අවස්ථාව මෙයයි. . තුන් ඉරියව් ක්රීඩකයින් වන සීක්කුගේ ප්රසන්න හා අසේල ගුණරත්න ද නම් කළ කණ්ඩායමට ඇතුළත් වේ. ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර තරගාවලිය එක්දින තරග 3කින් සහ 20-20 තරගයකින් සමත්විතයි.