ප්ලාස්ටික්වලින් පිරීගිය යුරෝපයේ ගංගා

පෙබ 27, 2020

    යුරෝපයේ ගංගා අතිශය භයානක ප්ලාස්ටික් මූලාශ්‍රයක් වී ඇති බවට, ප්‍රංශ විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කරගෙන තිබේ. ඒ හේතුවෙන් සාගර දූෂණය ඉතා උග්‍ර අයුරින් සිදුවන බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

    බ්‍රිතාන්‍යයේ තේම්ස් නදියෙන් ගමන් ආරම්භ කර, ජර්මනියේ එල්බේ නදිය හා සයින් නදියට පැමිණීමෙන් අනතුරුව, විද්‍යාඥයින් කණ්ඩායම සිය පරීක්ෂණ චාරිකාව අවසන් කර තිබේ. ඉකුත් වසරේ මැයි සිට නොවැම්බර් දක්වා මාස 6ක කාලයක් යුරෝපය පුරා ගංගා නවයක් ඔස්සේ පරීක්ෂණ චාරිකාව සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

    එහිදී විද්‍යාඥයින් මවිතයට පත් කරමින්, ලබාගත් මිරිදිය ජල සාම්පල සියල්ලෙහිම පාහේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් පවතින බවට අනාවරණය වී තිබේ. විද්‍යාඥයන් මෙතෙක් අනුමාන කළේ පාස්ටික් අපද්‍රව්‍ය සෘජුවම සාගරයට මුදා හැරෙන බවටයි. යුරෝපයේ ප්‍රධාන ගංගා ඔස්සේ ප්ලාස්ටික් මෙලෙස සාගර ජලයට මුදා හැරෙන බව අනාවරණය කර ගැනීමට ලැබීම වැදගත් සාධකයක් බව, පරිසර විද්‍යාඥයන් කියා සිටියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2020 17:16

    Latest News