The Wall Street Journal හි පළවූ ලිපියට චීනයෙන් පිළිතුරු

පෙබ 26, 2020

    චීනයට දොස් නැගීමට වීර්ය‍ය ඇතත් චීනයෙන් සමාව ඉල්ලීමට ධෛර්යය නැත්තේ මන්දැයි චීන විදේශ අමාත්‍යාංශයේ ‍ප්‍රකාශකයා ද වෝල් ස්ට්‍රීට් ජර්නල් (The Wall Street Journal) පුවත්පතෙන් ප්‍රශ්ණ කරයි.


    පසුගිය 20වැනි දා අමෙරිකාවේ ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතේ සේවකයන් 53ක් එහි පරිපාලනය වෙත සිය අත්සනින් යුත් ඒකාබද්ධ විද්‍යුත් ලිපියක් ‍යොමු කර තිබේ. පසුගිය 3වැනි දා ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත “චීනය නම් ආසියාවේ සැබෑ රෝගියා” (China Is the Real Sick Man of Asia) මැයෙන් යුත් විචාර ලිපිය පළ කරමින් කොරොනා වසංගතය නිවාරණය කිරීමට චීනය දරන උත්සාහයන් සහ චීන ආර්ථිකය හෑල්ලුවට ලක් කර ඇත. එම විචාර ලිපියේ මාතෘකාව වෙනස් කරන ලෙසත් චීනයෙන් සමාව ඉල්ලන ලෙසත් එම පුවත්පතේ සේවකයන් සිය විද්‍යුත් ලිපිය මගින් පරිපාලනයෙන් ඉල්ලීමක් කර තිබේ. එහෙත් පසුගිය 22වැනි දා ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතේ ප්‍රකාශකයා ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ එම විචාර ලිපිය පිළිබඳ තමන්ගේ ස්ථාවරය වෙනස් නොවන බවයි.

    චීනයට දොස් නැගීමට වීර්ය‍ය ඇතත් චීනයෙන් සමාව ඉල්ලීමට ධෛර්යය නැත්තේ මන්දැයි චීන විදේශ අමාත්‍යාංශයේ ‍ප්‍රකාශක සාඕ ලි ජිඈන් (Zhao Li jian) මහතා පසුගියදා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේ ය.

    කොරොනා වසංගතය නිවාරණය කිරීමේ තීරණාත්මක අදියරකට පිවිස තිබේ. මෙවන් පසුබිම යටතේ අමෙරිකාව ගෙන ඇති ක්‍රියා මාර්ගය ‍ගෝලීය වශයෙන් කොරොනා වසංගත පාලන වෑයමට හානි කරන අතර ලෝක සාමය හා සංවර්ධනයට සැඟවුණු ගැටළු ගෙන එනු ඇතැයි පසුගිය දා(24) පළ වූ “ජාත්‍යන්තර විචාරය ”මඟින් පෙන්වා දී තිබේ.

    Last modified on බදාදා, 26 පෙබරවාරි 2020 16:47

    Latest News