අමරිකාව හා තලේබාන් සංවිධානය අතර සාකච්ඡා

පෙබ 14, 2020

    ඇෆ්ගනිස්ථානයේ දින හතක ප්‍රචණ්ඩත්වය අඩු කිරීමේ යෝජනාවක් පිළිබඳව, ඇමරිකාව සහ තලේබාන් සංවිධානය සාකච්ඡා කළ බව, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් නිවේදනය කරයි.

    බ්‍රසල්ස් හි පැවති, දෙදින නේටෝ ආරක්ෂක අමාත්‍ය රැස්වීමෙන් අනතුරුව, මාධ්‍යවේදීන් අමතමින් ඔහු ඊයේ (13) මේ බව පැවසීය.

    යෝජනාව පිළිබඳව එක්සත් ජනපදය මිත්‍ර රාජ්‍යයන් දැනුවත් කර ඇති අතර, ඉදිරි මාවත සාකච්ඡා කිරීම සඳහා ද්විපාර්ශ්වික හා සාමූහික රැස්වීම් ද පවත්වා ඇති බව ඔහු කියා සිටී.

    අවසන් වූ, නේටෝ අමාත්‍ය රැස්වීමේ න්‍යාය පත්‍රයට අනුව, යුද්ධයෙන් විනාශ වූ ඇෆ්ගනිස්ථානයේ තත්වය කෙරෙහි ඉහළ අවධානයක් යොමු කර තිබිණ.

    එහි මහලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග්, සාම ක්‍රියාවලියට සන්ධානය දක්වන සහයෝගය, යළි තහවුරු කළේය.

    සාමය සඳහා තලේබාන්වරුන් සැබෑ කැමැත්තක් පෙන්විය යුතු අතර, භූමියේ ප්‍රචණ්ඩත්වය අවම කිරීමට සැබෑ හැකියාවක් තිබිය යුතු බවද, ස්ටොල්ටන්බර්ග් මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

    Latest News