සැල්වීනිට නඩු පැවරීමට ඉතාලි සෙනේ සභාවේ අනුැමැතිය

පෙබ 13, 2020

    අන්ත දක්ෂිණාංශික නායක මැටියෝ සැල්වීනිට නඩු පැවරීම සඳහා ඉතාලි සෙනෙට් සභාවේ අනුමැතිය ලැබී තිබේ.

    සංක්‍රමණිකයින් මුහුදේ රඳවා තබා ගැනීමේ සිද්ධියට අදාළවයි, සැල්වීනිට චෝදනා එල්ලවී ඇත්තේ. ඉතාලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස මැටියෝ සැල්වීනි මීට පෙර කටයුතු කළේය. 2019 අගොස්තු මාසයේදී දින ගණනාවක් නීති විරෝධී ලෙස සිසිලියේ දී බෝට්ටුවක සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීම යටතේ ඔහුට චෝදනා එල්ල වී තිබේ. සංක්‍රමණිකයන් 116 දෙනෙක් පමණ ග්‍රේගෝරෙට්ටි නෞකාවේ සතියක පමණ කාලයක් රැඳී සිටියි.

    ඒ අනූව, සෙනෙට් සභිකයින් සැල්වීනිට එරෙහි නඩු විභාගය පැවැත්වීමටයි, අනුමැතිය මෙලෙස ලබාදී ඇත්තේ. ඔහුගේ ලීග් පක්ෂයේ සභිකයින් ඊයේ පැවති සෙනෙට් ඡන්ද විමසීම අතරතුර සභා ගර්භයෙන් ඉවත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඉතාලි නීතිය යටතේ ඇමතිවරුන් ධුරයේ සිටියදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ බලයක් ඔවුන්ට හිමිවෙයි. සැලිවීනිට හිමි අදාළ වරප්‍රසාදය ඉවත් කිරීම සඳහා ඉකුත් මාසයේ විශේෂ කමිටුවකින් අනුමැතිය ලැබුණු අතර එහි අවසන් තීරණය හිමිවූයේ නට් සභාවටයි. ඒ අනූව අදාළ වරප්‍රසාදයන් ඉවත් කිරීමට සෙනෙට් සභිකයින් 152ට 76ක් ලෙස ඡන්දය ප්‍රකාශ කළේය. ඉදිරියේ දී සැල්වීනිට එරෙහි නඩු විභාගය පැවැත්වෙන අතර එහිදී ඔහු වරදකරු වුවහොත් වසර 15ක පමණ සිර දඩුවමක් හිමිවනු ඇති.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 පෙබරවාරි 2020 11:34

    Latest News