චීන - කටාර් - ඉන්දුනීසියා නායකයින් අතර දුරකථන සංවාදක්

පෙබ 12, 2020

    චීන ජනාධිපතිවරයා කටාර් හා ඉන්දුනීසියාව යන රටවල නායකයන් සමඟ වෙන් වෙන්ව දුරකථන සංවාද‍යේ නිරත වෙයි.

    කටාර් පාර්ශ්වයේ ආරාධනාවකට අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (11) රාත්‍රී Tamim Bin Hamad Al-Thani එමීර්වරයා සමඟ දුරකථන සාකච්ඡාවක් පැවැත්වීය.

    නව කොරොනා වෛරස් වසංගතය සිදුවීමෙන් පසු චීනය පුරා සම්පූර්ණ දැඩිම පාලන ක්‍රමවේද ක්‍රියාත්මක කර තිබේ.

    මෙම වෛරස් වසංගතය වැළැක්වීම හා පාලනය කිරීම පිළිබඳ සටන පරාජය කිරීමට චීනයේ ස්වවිශ්වාසය හා හැකියාව ඇති බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

    එදින රාත්‍රීයේ ෂී ජින් පිං මහතා ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතාගේ ආරාධනාවට අනුව ඔහු සමඟ දුරකථන සාකච්ඡාවක් සිදු කළේය.

    චීන පාර්ශ්වය වෛරස් වසංගතය සම්පූර්ණයෙන් පරාජය කිරීම පමණක් නොව, නියමිත ආර්ථික හා සමාජ සංවර්ධන අරමුණු හා මෙහෙයුම් ද සම්පූර්ණ කළ යුතු බව, ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේ ය.

    මෙම වෛරස් වසංගතය පරාජය කිරීමෙන් පසු චීනය වඩාත් සමෘද්ධිමත් වනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය.

    Latest News