පසුගියදා ප්‍රදේශ කිහිපයක සිදුවූ සංවිධානාත්මක පහරදීම්වල අරමුණ, රජය අසීරුතාවට පත්කිරීම බව අමාත්‍ය රංජිත් මද්දුම බන්ඩාර මහතා පවසයි.
ජන කොටස් සහ ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරමින්, ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීමට අදාළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනාවලිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට අද සවස බාරදෙනු ලැබීය.
වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාසයට පමණක් අද රාත්‍රී 7.00 සිට හෙට අළුයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අසළ තිබී ආරක්ෂක අංශ විසින් පුපුරවාහරින ලද බෝම්බ සවිකළ වෑන් රථය මිලදී ගැනීමට හා ආසන සකස් කිරීමට සම්බන්ධ වූ පුද්ගලයා කාන්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ලිට්රෝ ගෑස් සමාගමට පත් කර ඇති නව අධ්යක්ෂ මණ්ඩලයේ තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
නාවික හමුදා විසින් අද (15) උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 78.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන තිබේ.
කතානායක කරු ජයසූරිය, වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන සහ නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් අද මහනුවරට පැමිණ මහ නාහිමිවරුන් බැහැදුටුවා.
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
වයඹ පළාතට සහ ගම්පාහ පොලිස් කොට්ඨාසය අද රාත්‍රී 07.00 සිට හෙට උදෑසන 04.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදී පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
පසුගිය 21 වැනිදා සිදු කළ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණවල විශාල ප්‍රගතියක් මේ වනවිට අත්කර ගෙන තිබෙන බවත්, කෙටි කාලයකින් එවැනි ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවීම ගැන විදේශ ආයතන පවා මවිතයට පත්ව සිටින බවත් අගැමතිවරයා ප්‍රකාශ කරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ අද (15) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.