පාස්කු ඉරිදා, කොච්චිකඩේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාත්ගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළේය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්යක්ෂ ප්රවෘත්ති ෂර්ලි අනිල් ද සිල්වා මහතා ඊයේ සේවයෙන් විශ්‍රාම ගත්තා.
පළාත් සභා විසුරුවා තිබුණ ද හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සියලු පළාත් සභා නැවත කැඳවා තම පළාත්වල ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳ නිරන්තරයෙන් සමාලෝචනය කරන ලෙස ජනාධිපතිතුමා සියලු ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දී තිබේ.
ජාතින් අතර අසමගිය සහ වෛරී භාවය ඇති වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ තිදෙනෙක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජන කොටස් සහ ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරමින් “නව ත්‍රස්තවාදය හා අන්තවාදය“ මුලිනුපුටා දැමීමට අදාළ යෝජනා මාලාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද එළිදක්වනු ලැබුවා.
වයඹ පළාතට සහ ගම්පාහ පොලිස් කොට්ඨාසය හැර දිවයිනේ සියලු ප්‍රදේශවලට අද රාත්‍රී 09.00 සිට හෙය උදෑසන 04.00 දක්වා වාහම ක්‍රියාත්මක වන පරිදී පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රට තුළ අන්තවාදීන්ට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමෙන් වැළකී සිටින්නැයි, බොදුබල සේනා සංවිධානය සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.
රටේ සාමය හා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලූ බලතල ලබාදී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14) දින කුලියාපිටියේ දී පැවසීය.