ශ්‍රී ලංකාවට අදත් රන් පදක්කම් 4ක්

දෙසැ 06, 2019

    දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100 X 4 කාන්තා සහ පිරිමි සහය දිවීමේ ඉසව් ද්විත්වයේම රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සමත්වුණා.

    පිරිමි කණ්ඩායම දකුණු ආසියානු නව වාර්තාවක් පිහිටුවීම ද විශේෂත්වයක්. දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ දී පැවැත්වෙනවා. මීටර 100 x 4 සහය දිවීමේ පිරිමි ඉසව්වේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ හිමාෂ ඒෂාන්, විනෝජ් සුරංජය, චානුක සංදීප් සහ යුපුන් ප්‍රියදර්ශනයි. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තත්පර 39.14කින් තරගය නිම කරමින් රන් පදක්කම හිමිකර ගත්තා. එහි රිදී පදක්කම ඉන්දියාවට හිමිවුණා. ලෝකඩ පදක්කම හිමි වූයේ පකිස්තානයටයි.

    මීටර් 100 x 4 කාන්තා සහය දිවීමේ ඉසව්වේදී ලක්‍ෂිකා සුගන්ධි, සදීපා හෙන්ඩසන්, ලක්‍ෂිණි සාරංගී සහ අමාෂා සිල්වා ශ්‍රී ලංකාව නියෝජනය කළා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය නිම කළේ තත්පර 44.89ක කාලයක් වාර්තා කරමින්. එහි රිදී පදක්කම ඉන්දියාවටත්, ලෝකඩ පදක්කම පකිස්තානයටත් හිමිවුණා.

    Ratnayake px 900 06 12 19

    නිලානි රත්නායක අද රන් පදක්කම හිමිකර ගත්තේ, මීටර 5,000 කාන්තා ධාවන ඉසව්වෙන්. ඇය මෙවර ක්‍රීඩා උළෙලේ හිමිකර ගත් දෙවැනි රන් පදක්කම මෙයයි. ඇය මීට පෙර මීටර 1500 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තා.

    මේ අතර මීටර 50 පිහිණුම් නිදහස් ආර ඉසව්වෙන් මැතිව් අබේසිංහ තවත් රන් පදක්කමක් හිමිකර ගැනීමට සමත්වුණා.

    යගුලිය විසි කිරීමේ පිරිමි ඉසව්ව යටතේ සමිත ප්‍රනාන්දු ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තා. කාන්තා යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම හිමිකර ගැනීමට තාරිකා කුමුදුනීට හැකිවුණා.

     Sri px 900 06 12 19

    Latest News