ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාය මිකී ආතර් යටතට: සහයට ග්‍රාන්ට් ෆ්ලවර්, ඩේවිඩ් සේකර්, ෂේන් මැක්ඩමට්

දෙසැ 05, 2019

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් මහතා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (05) නිල වශයෙන් නිවේදනය කළේය.

    මීට අමතරව කණ්ඩායමේ සෙසු පුහුණුකරුවන් ද පත්කර තිබේ.

    දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර 02ක කාලයක් සේවය කිරීමට නියමිතයි. ඔහු මීට පෙර තම රටේ මෙන්ම ඔස්ට්‍රේලියා සහ පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.

    සිම්බාබ්වේ ජාතික ග්‍රාන්ට් ෆ්ලවර් මහතා පත්කර ඇත්තේ, ජාතික පිතිකරණ පුහුණුකරු ලෙසයි. ඊට අමතරව ඔහු ශ්‍රී ලංකා “ඒ“ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කිරීමට නියමිත බව වාර්තාවේ.

    ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස පත්කරනු ලැබ සිටින්නේ ඔස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් සේකර් මහතායි. ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ඔස්ට්‍රේලියාවේ ෂේන් මැක්ඩමට් මහතායි. ජෙරම් ජයරත්න මහතා ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී ලෙස නම් කර තිබේ.

    ඔස්ට්‍රේලියානු ජාතික ටිම් මැක් කස්කිල් මහතා ජාතික ක්‍රිකට් සංවර්ධන ප්‍රධානී ලෙස පත් කළ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

    Latest News