ලසිත් මාලිංග එළඹෙන “ඉන්දීය ප්‍රිමියර් ලීග්“ ක්‍රිකට් තරඟාවලියට

නොවැ 17, 2019

    ශ්‍රී ලංකා 20-20 නායක ලසිත් මාලිංග එළඹෙන “ඉන්දීය ප්‍රිමියර් ලීග්“ ක්‍රිකට් තරඟාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ රඳවා ගැනීමට එම කණ්ඩායම තීරණය කර තිබේ.

    ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයින් 18 දෙනෙකු මෙලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් රඳවා ගනු ලැබීමට නියමිතයි. ඊට අමතරව ක්‍රීඩකයින් 12 දෙනෙකු ඉවත් කිරීමට ද කණ්ඩායමේ කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ වෙන්දේසිය ලබන මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

    Latest News