20-20 ශ්‍රේණිගත කිරීම්වලින් පකිස්තානය පෙරමුණේ

නොවැ 12, 2019

    අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 20-20 ක්‍රිකට් නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවදුරටත් පෙරමුණ ගැනීමට පකිස්තානය සමත්ව සිටී.

    පකිස්තානය ශ්‍රී ලංකාව සමඟ පැවති තරග තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්විය. අනතුරුව, කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට ද පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේය. කෙසේ වුවද, ලකුණු 270ක් සමගින් පකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවේ. දෙවැනි ස්ථානයේ පසුවන්නේ, ඕස්ට්‍රේලියාවයි. ඔවුන්ට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 269ක්. එංගලන්තය තෙවැනි ස්ථානයේ පසුවන අතර, සිව්වැනි ස්ථානය හිමිව ඇත්තේ දකුණු අප්‍රිකාවටයි. රටවල් 86කින් යුත් 20-20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පසුවන්නේ 07 වැනි ස්ථානයේ.

    ඇෆ්ගනිස්තානය පරදා පූර්ණ තරගාවලි ජයක් හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා. ඒ ඉන්දියාවේ ලක්නවුහි පැවති කොදෙව්-ඇෆ්ගනිස්තාන අවසන් එක්දින තරගය කඩුලු 5කින් ජයගනිමින්. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් මීට පෙර පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් වාර්තාකර තිබුණේ, 2014 වසරේ බංග්ලාදේශයට එරෙහිවයි.

    Latest News