2019 ලෝක රග්බි කිරුළ දකුණු අප්‍රිකාවට

නොවැ 02, 2019

     2019 ලෝක රග්බි කිරුළ හිමි කර ගැනීමට දකුණු අප්‍රිකාව අද(02) සමත් විය.

    ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ එංගලන්ත කණ්ඩායමයි. අවසන් මහ තරගය පවත්වන ලද්දේ ජපානයේ යොකෝහමා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ය.  තරගයේ මුල සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ දකුණු අප්‍රිකාව තරගයේ ලකුණු ලබාගැනීමේ දඩුවම් පහරකින් ආරම්භ කළේය. ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල 12ට 06ක්ලෙස දකුණූ අප්‍රිකාණු කණ්ඩායම ඉදිරියෙන් පසුවුණි.

    සම්පුර්ණ කාලය අවසන් වනවිට ලකුණු පුවරුව දැක්වුණේ ගෝල 32ට 12ක් ලෙස දකුණු අප්‍රිකාවට ජය ගෙන දෙමින්ය. මීට පෙර 2003 වසරේ දී දකුණු අප්‍රිකාව සහ එංගලන්තය රග්බි අවසන් තරගයකදී හමු වූ අතර එහිදී ද ජයග්‍රහණය කරන ලද්දේ දකුණු අප්‍රිකාවයි.

    දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානය හිමි කරගත් තුන්වන අවස්ථාව මෙය වේ.

    Latest News