20-20 තරගය-ඩේවිඩ් වෝනර් පන්දු 56කදී නොදැවී ලකුණු 100යි

ඔක් 27, 2019

    ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු 20-20 තරගය ලකුණු 134කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව අද සමත්විය.

    තරගය පැවැත්වුණේ ඇඩිලේඩ්හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 233ක් රැස් කළේය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් පන්දු 56කදී නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 100ක්. ඇරොන් ෆින්ච් ලකුණු 64ක් රැස් කළ අතර, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 62යි. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවු ලකුණු සංඛ්‍යාව 99ක්. පන්දු යැවීමේදී ඇඩම් සම්පා ලකුණු 14කට කඩුලු 3යි.

    Last modified on ඉරිදා, 27 ඔක්තෝබර් 2019 17:28

    Latest News