කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට දැල්පන්දු ශුරතා ද්විත්වයක්

ඔක් 13, 2019

    සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දැල්පන්දු ශුරතා ද්විත්වයක් දිනා ගැනීමට කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය අද සමත්විය.

    අවසන් තරගය පැවැත්වුණේ, කුරුණෑගල උඩවල්පොළ ක්‍රීඩාංගණයේදී. වයස් කාණ්ඩ 3ක් යටතේ තරග පැවැත්විණ. ඒ, 16න්, 18න් සහ 20න් පහළ ලෙසයි. 16න් පහළ අවසන් තරගයට ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සහ කොළඹ මියුසියස් විද්‍යාලය සුදුසුකම් ලබා තිබිණි. ලකුණු 23-18ක් ලෙස ජය වාර්තා කළේ, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයයි. 18න් පහළ අවසන් තරගය පැවැත්වුණේ, කොළඹ කාන්තා විද්‍යාලය සහ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය අතර. ඉන් ලකුණු 37-38 ක් ලෙස ලකුණක තියුණු ජයක් ලැබීමට කාන්තා විද්‍යාලය සමත්විය. 20න් පහළ අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණේ, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය හා මහනුවර හිල්වුඩ් විද්‍යාලයයි. ඉන් ලකුණු 40-19ක් ලෙස ජයගත්තේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයයි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ශුද්ධ වූ කන්‍යාරාමයේ ඉෂාරා ධර්මසිරි.

    Latest News