ප්‍රංශය, අර්ධ අවසන් පූර්ව වටයට

ඔක් 07, 2019

    ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සමත්විය.

    ඒ, ඊයේ ටොංගා කණ්ඩායමට එරෙහිව පැවති තරගය ද ජය ගනිමින්. ලෝක කුසලාන රග්බි තරගාවලිය ජපානයේ දී පැවැත්වේ. ප්‍රංශය සහ ටොංගා කණ්ඩායම් අතර තරගය “සී“ කාණ්ඩයෙන් පැවැත්විණ. පළමු අර්ධය අවසන් වනවිට ප්‍රංශය ලකුණු 17ක් රැස් කළ අතර, ටොංගා කණ්ඩායම එහිදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 07ක්. දෙවැනි අර්ධයේ දී ප්‍රංශය තවත් ලකුණු 06ක් රැස් කළේය. ප්‍රතිවාදීන් මෙහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 14ක්. ලකුණු 23-21 ලෙස තියුණු ජයක් වාර්තා කිරීමට ප්‍රංශය සමත්විය.

    Latest News