නවසීලන්තයට ලකුණු 63-0ක ජයක්

ඔක් 02, 2019

    ලෝක කුසලාන රග්බි තරගාවලිය යටතේ අද පැවති තරගවලින් ජය වාර්තා කිරීමට ප්‍රංශය සහ නවසීලන්තය සමත්වූහ.

    තරගාවලිය පැවැත්වෙන්නේ ජපානයේ දී. ප්‍රංශය අද තරග වැදුණේ අමෙරිකාව සමඟ. එම තරගය පැවැත්වුණේ, සී කාණ්ඩයෙන්. පළමු අර්ධය අවසන්වන විට ලකුණු 12-6ක් ලෙස ප්‍රංශය පෙරමුණ ගෙන සිටී. දෙවන අර්ධයේ දී ප්‍රංශය තවත් ලකුණු 21ක් රැස් කළ අතර, අමෙරිකාව ලබාගත් ලකුණු සංඛ්‍යාව 3ක්. ඒ අනුව ලකුණු 33-9ක් ලෙස තරගය ජයගැනීමට ප්‍රංශය සමත්විය. ලෝක නවසීලන්තය අද තරග වැදුණේ කැනඩාව එරෙහිවයි. බී කාණ්ඩයෙන් පැවති තරගය ආරම්භයේ සිටම නවසීලන්තය ප්‍රබල තරග රටාවක් දියත් කළේය. ඔවුන් පළමු අර්ධය නිමාවන විට පෙරමුණ ගත්තේ ලකුණු 28-0ක් ලෙස. දෙවන අර්ධයේදී නවසීලන්තය තවත් ලකුණු 35ක් රැස් කළේය. නමුත් ප්‍රතිවාදී කැනඩාවට එම අර්ධයේ දී ද කිසිදු ලකුණක් රැස් කිරීමට හැකිවූයේ නැහැ. ඒ අනුව ලකුණු 63-0ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත්විය.

    Latest News