පාපන්දු තරග නැරඹීමට ඉරාන කාන්තාවන්ට අවසර ලැබේද?

සැප් 20, 2019

    පාපන්දු තරග නැරඹීම සඳහා ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගණයන්ට ඇතුළුවීමට අවසර දෙන ලෙස පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ එරට පාපන්දු සම්මේලනයෙන් ඉල්ලා සිටී.

    1979 වසරේ ඇතිවු ඉස්ලාම් කැරැල්ලෙන් පසු මෙම තහනම ඉරාන කාන්තා ක්‍රීඩාලෝලීන්ට පැනවීය.

    ඉරාන ක්‍රීඩකයන් තරග වදින අවස්ථාවලදී එරට කාන්තාවන්ට තරග නැරඹීමට ක්‍රීඩාංගණ වලට ඇතුළුවීම 1979 වසරේදී තහනමක් කළේය.

    වසර 2022 දී ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ඉරාන කණ්ඩායම ඔක්තෝම්බර් 10 වැනි දින ක්‍රීඩා කිරීමට ද නියමිතයි.

    මෙම තත්වය මත පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, එම තරගයේදී හෝ මේ නීතිය වෙනස් වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි.

    Latest News