විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා, කොළඹ නාලන්දේ ලක්‍ෂිත රසාංජන

සැප් 17, 2019

    2018-2019 පාසල් තරග වාරයේ වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට, කොළඹ නාලන්දා විද්‍යාලයේ ලක්‍ෂිත රසාංජන සමත්විය.

    සම්මාන උළෙල ඊයේ රාත්‍රී පැවැත්වුණේ, නෙළුම් පොකුණ රඟහලේදී. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර. ආධුනික නැගී එන සමස්ත ලංකා බාලිකා සහ සමස්ත ලංකා බාලක යනුවෙන් කාණ්ඩ කිහිපයක් යටතේ සම්මාන පිරිනැමිණ. වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා අනු ශුරතාව හිමිකර ගනු ලැබුවේ, පිලියන්දල මධ්‍ය විද්‍යාලයේ චමෝද් සඳරු විසින්. එහි ශුරතාව හිමිකර ගැනීමට කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයේ සමිත් ඉසුරු සමත්විය. සමස්ත ලංකා කාණ්ඩයේ හොඳම කඩුලු රකින්නා ලෙස ශාන්ත පීතර විද්‍යාලයේ ෂැනෝන් ප්‍රනාන්දු සම්මානයට පාත්‍රවිය. හොඳ පන්දු රකින්නා කොළඹ නාලන්ද විද්‍යාලයේ ලක්‍ෂිත රසාංජනයි.

    හොඳම පිතිකරු ලෙස සම්මාන දිනා ගත්තේ, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ සංතුෂ් ගුණතිලක. වසරේ ජනප්‍රියතම ක්‍රීඩකයා ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන. වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයේ අනු ශූරතාව හිමිවූයේ, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ කවිෂ්ක සේනාධීරටයි. වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ නාලන්දා විද්‍යාලයේ රක්‍ෂිත රසාංජන මෙවර තරග වාරයේ විශිෂ්ටතම පාසල් ක්‍රීඩකයා ලෙස සම්මානායට පාත්‍රවිය.

     

     

     

    Last modified on අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2019 17:59

    Latest News