සන්තුල් විජයරත්නගෙන් පිට-පිට පන්දු 4ට, කඩුලු 4ක්

සැප් 13, 2019

    සනත් ජයසූරිය ක්‍රිකට් ඇකඩමියේ වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ දී සන්තුල් විජයරත්න එක් ඕවරයක පිට-පිට පන්දු හතරකදී කඩුලු හතරක් දවා ගැනීමට සමත්විය.

    දස හැවිරිදි සන්තුල් විජයරත්න දකුණතින් දඟ පන්දු යවන්නෙකි. ඔහු පන්දු යැවීමට මෙන්ම පන්දුවට පහරදීමට ද මනා දස්කම් දක්වා ඇත.

    සනත් ජයසුරිය ක්‍රිකට් ඇකඩමියේ නම වන වාර්ෂික ක්‍රිකට් තරගාවලිය මෙය වන අතර, එය කාණ්ඩ 05ක් යටතේ පැවැත්විණ. සන්තුල් වයස අවුරුදු 10න් පහළ කාණ්ඩය නියෝජනය කරමින් තරග වැඳිණ. මේ අනුව සන්තුල් විජයරත්න වයස අවුරුදු 10න් පහළ කාණ්ඩයේ හොඳම ක්‍රීඩකයා බවට නම් කෙරිණ.

    සන්තුල් කොළඹ, නාලන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබයි. ඔහු පසුගිය වසරේ පැවති තරගාවලියේ දී ලකුණු සියයක් ලබා ගැනීමට ද සමත්විය.

    santul1 px 900 13 09 19

    Last modified on බදාදා, 18 සැප්තැම්බර් 2019 20:39

    Latest News