20-20 ක්‍රිකට් තරගාවලියේ ජය නවසීලන්තයට

සැප් 04, 2019

    නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට නවසීලන්තය සමත්විය.

    ඒ, තරඟ තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ ජ යගැනීමත් සමඟයි තරගය පැවැත්වුණේ, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව, ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 161ක් ලබාගත්තේය. නිරෝෂන් දික්වැල්ල ලකුණු 39යි. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 37යි. ස්කොත් කුග්ලෙජන් කඩුලු 4ක් දවා ගැනීමට සමත්විය. ලකුණු 162ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය නවසීලන්තය, ජය ලබාගත්තේ, කඩුලු 4ක් අතැතිවයි.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම තරගය පරාජයට හේතුව බව, ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙයි. ඊයේ දිනයේ අවසන් පන්දු වාරයේදී ලබාදුන් උඩපන්දුව කුසල් මෙන්ඩිස්ගේ නොසැලකිලිමත්කම නිසා ගිලිහී ගියේය. ඔහු පසුගියදා මාධ්‍යයට කියා සිටියේ උඩපන්දු ගිලිහීම සාමාන්‍ය සිදුවීමක් බවයි. එහෙත්, ඊයේ දිනයේ ජයග්‍රහණය කිරීමට තිබූ තරගය කුසල් මෙන්ඩිස්ගේ නොසැලකිලිමත්කම නිසා පරාජයට පත්වූ බව ක්‍රීඩා විචාරකයන් පවසයි. ආබාධයට ලක්වූ කුසල් මෙන්ඩිස් සහ ෂෙහාන් ජයසුරියට තෙවන 20-20 ක්‍රිකට් තරගය අහිමි වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව දැනුම් දී ඇත.

    Latest News