අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියට සමුදෙයි

සැප් 02, 2019

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟපන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව, අද (02) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

    ඒ ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා නිලධාරී නිවහනේ පැවති මාධ්‍ය හමුවකදී. 

    2008 වසරේ සිට 2015 දක්වා අජන්ත මෙන්ඩිස් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. ඔහු ටෙස්ට් තරග 19ක්, එක් දින තරග 87ක් සහ 20-20 තරග 39ක් ක්‍රීඩා කර තිබේ. මාධ්‍ය හමුවේ අදහස් පළ කළ අජන්ත මෙන්ඩිස්...

    “මම තීරණය කළා ජාත්‍යන්තර සහ පළමු පෙළ තරග මාලාවෙන් සමුගන්න ඕනේ කියලා. ආබාධයත් නිසා, එන්න එන්න වයසත් යන නිසා මම මේ තීරණය ගත්තේ. ආදරයෙන් කරපු ක්‍රීඩාව. ඒ නිසා සමුගන්න දුකයි. ඒත් සතුටින් යනවා. හොඳින් ක්‍රීඩා කළා කියලා මම හිතනවා. අපි ලෝක කුසලානය ජයග්‍රහණය කළා. ජයග්‍රාහී කණ්ඩායමකට සහභාගි වූ ක්‍රීඩකයෙක් වශයෙන් මම ඇත්තටම ගොඩක් සතුටුයි“ යැයි අජන්ත මෙන්ඩිස් පැවසීය.

    Latest News