20-20 හෙට (01) පල්ලේකැලේදී

අගෝ 31, 2019

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (01) පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. එය හෙට රූපවාහිනි අයි නාලිකාවෙන් සජිවිව නැරඹිය හැකියි.

    තරගයට සූදානම්වන දෙපිලේ ක්‍රීඩකයින් අද අවසන් පුහුණුවීම් සිදු කළා. 

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ වනතෙක් පවත්වා ඇති 20-20 තරග සංඛ්‍යාව 16ක්. ඉන් තරග 8ක් නවසීලන්තය ජයගත් අතර, තරගය 6ක ජය ශ්‍රී ලංකාවට හිමිවුණා. හෙට තරගය පැවැත්වෙන පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දෙරට අතර පවත්වා ඇති 20-20 සංඛ්‍යාව 3ක්. ඉන් එක් තරගයක් ශ්‍රී ලංකාව ජය ගත්තා. අනෙක් තරග දෙකෙන් එකක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, එක් තරගයක් තීරණයකින් තොරව අවසන් වුණා. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අවසන් වරට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී 20-20 තරගයකට ක්‍රීඩා කලේ 2012 වසරේදී.

    dasun px 900 31 08 19

    මාධ්‍යයට අදහස් දැක්වූ නායක ලසිත් මාලිංග....

    “තරඟ 19ක කාලයක් තියෙනවා ලෝක කුසලානයට. ඒ වෙනකොට පරිනත ක්‍රීඩකයින් වගේම ලාබාල ක්‍රීඩකයින්ට අවස්ථාවදීම ඉතා ඉක්මණින් කළ යුතුයි. ලෝක කුසලානය ළඟාවෙද්දි අවස්ථාව දෙන්න හරි අමාරුයි. සංචිතයක් හදාගෙන එක දිගට යා යුතුයි. එහෙම වෙනකොට පරිනත ක්‍රීඩකයන් යම් අවස්ථාවකදී කණ්ඩායමෙන් ඉවත් වෙලා ඉන්න වෙනවා. සංයුතියක් හදන්න පුලුවන් කණ්ඩායමක් තෝරගන්න. ඒ වගේම සංසඳනය කරලා බලලා 15 ඇතුළට එන්න පුලුවන් ක්‍රීඩකයින් කවුද කියන එක තීරණය කරලා ඒ අනුව තමයි ක්‍රීඩකයින් තෝරාගන්නේ“ යැයි 20-20 නායක ලසිත් මාලිංග පැවසීය.

    Latest News