දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

අගෝ 23, 2019

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

    තරගයට අදත් අයහපත් කාලගුණයෙන් බාධා එල්ලවිය. තරගය පැවැත්වෙන්නේ කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී. අද දිනය ආරම්භ කරමින්, පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් දවාගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වූහ. නායක දිමුත් කරුණාරත්න ලකුණු 65ක් රැස් කිරීමට සමත්විය.

    පන්දු යැවීමේදී ට්‍රින්ට් බෝල්ට් සහ ටිම් සවුති කඩුලු දෙක බැගින් දවාගත්තේය. අද දිනය නිමා වනවිට පිටියේ නොදැවී රැඳී සිටියේ ධනංජය ද සිල්වා සමඟින් දිල්රුවන් පෙරේරා. දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 144ක් ලබා සිටියේය.

    Latest News