ජාතික ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ නව ශ්‍රී ලංකා වාර්තා 3ක්

අගෝ 19, 2019

    97 වැනි ජාතික ශුරතා මලල ක්‍රීඩා තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ අවසන් විය.

    දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන මලල ක්‍රීඩක-ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා මෙය පැවැත්විණ. තරගාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තා තුනක් පිහිටුවීම විශේෂත්වයක්. ඒ, නිමාලි ලියනආරච්චි, විදූෂා ලක්‍ෂානි සහ ලක්‍ෂිකා සුගන්දි යන ක්‍රීඩිකාවන් විසින්. මේ අතර, ක්‍රීඩා උළෙලේ දී නව තරගාවලි වාර්තා 6ක් පිහිට වූ අතර, එක් තරගාවලි වාර්තාවක් සමවී තිබේ. ක්‍රීඩා උළෙලේ දක්‍ෂතම ක්‍රීඩිකයාට හිමි සම්මානය දිනා ගැනීමට යුද හමුදාවේ ඩබ්.පී. අමිල ජයසේකර සමත්විය. දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලානී රත්නායකයි. තරගාවලියේ අති විශිෂ්ට ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිවුණේ අමිල ජයසේකරටයි.

    Latest News