දිමුත් ටෙස්ට්වල පළමු 10 තුළට

අගෝ 19, 2019

    නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 122 ක් ලබා ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 8වන ස්ථානයට පැමිණීමට සමත්ව තිබේ.

    අවරුදු 7ක ටෙස්ට් දිවිය තුළ ඔහු ලැබූ ඉහළම ස්ථානය මෙයයි.

    එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක 2 ස්ථානය නැවත ලබා ගෙන තිබේ. ඒ නවසීලන්තයේ කේන් විලියම්සන් තෙවැනි තැනට පත් කිරමිනි. වසරක තරග තහනමකින් පසු ඔහු මෙසේ 2වන ස්ථානයට ලබා සිටින්නේ එහි පළමු ස්ථානයේ සිටින විරාත් කෝලිට වඩා ලකුණු 9 ක් පසුපසින් සිටිමිනි.

    මේ අතර නවසීලන්තයට එරෙහිව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ද ස්ථාන 9 ක් ඉදිරියට පැමිණෙමින් 36වන ස්ථානයට පත්ව සිටී. ඔහු ටෙස්ට් තරගයේදී කඩුලු 6 ක් දවා ගත් අතර එයට පළමු ඉනිමේදී කඩුලු 5 ක් ද ඇතුළත් විය.

    Latest News