මීටර් 1,500 කාන්තා ඉසව්වෙන් නව ජාතික වාර්තාවක්

අගෝ 16, 2019

    97 වන ජාතික ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 1,500 කාන්තා ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට නිමාලි ලියනාරච්චි අද සමත්වූවාය.

    තරගාවලිය අද ආරම්භ වුණේ සුගතදාස ක්‍රීඩාංගණයේ දී. මීටර් 1,500 කාන්තා ඉසව්ව නිමා කිරීමට නිමාලි ලියනාරච්චි ගතකළ කාලය විනාඩි 4යි තත්පර 15 දශම 8යි 6ක්.

    කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීමේ තරගයේ ප්‍රථම ස්ථානය හිමිවුණේ ඩබ්.වයි.එල්. සුගන්ධිටයි. තරගය නිමා කිරීමට ඇය ගත කළ කාලය තත්පර 13යි දශම 9යි 5ක්.

    මේ අතර අද දිනයේ මීටර් 110 පිරිමි කඩුලු මතින් දිවීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ රොෂාන් ධම්මික රණසිංහයි. තරගය නිමා කිරීමට ඔහු ගත කළ කාලය තත්පර 14යි, දශම 1යි 6ක්. හෙට දිනයේ මීටර 100 අවසන් තරගය සඳහා හිමාෂ ඒෂාන්, විනෝජ් සංජය සහ සුපුන් ප්‍රියදර්ශන සහභාගිවීමට නියමිතයි. යුපුන් ප්‍රියදර්ශන පිලිබඳව මෙවර තරගාවලියේ වැඩි අවධානයක් යොමුව තිබේ.

    Latest News