ජාතික මලල ක්‍රීඩා ශූරතාව අද සිට

අගෝ 16, 2019

    ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 97 වැනි අදියර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (16) ආරම්භ වේ.

    තෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය අනිද්දායින් (18) අවසන්.

    තරගාවලිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පැවැත්වේ.

    දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (සාග්) සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තෝරාගැනීම සඳහා පැවැත්වෙන අවසන් තෝරා ගැනීමේ තරගාවලිය ලෙස මෙවර තරගාවලිය පැවැත්වේ.

    මෙවර තරගකරුවන් අතරින් ක්‍රීඩකයින් 486ක් හා ක්‍රීඩිකාවන් 148 දෙනෙක් තරඟ වදිති.

     

    Latest News