ශ්‍රී ලංකා-නවසීලන්ත පුහුණු තරගය ජය-පරාජයෙන් තොරයි

අගෝ 10, 2019

    ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තෙදින පුහුණු තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය.

    ඒ වර්ෂාව හේතුවෙන්. තරගයේ දෙවැනි දිනය වූ ඊයේ තරගය පැවැත්වීමට වර්ෂාවෙන් බාධා එල්ල විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 6ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 323ක්. ධනුෂ්ක ගුණතිලක ලකුණු 98ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 80ක් රැස් කිරීමට සමත්වූහ. පන්දු යැවීමේදී අජාස් පටෙල් ලකුණු 41 කට කඩුලු 5ක් දවාගත්තේය. අද දිනයේ පැවති අයහපත් කාලගුණය නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට තීරණය කෙරිණ.

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය සහ ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

    Latest News