නවසීලන්තය සමග පළමු ටෙස්ට් තරගයට සංචිතය නම් කරයි

අගෝ 09, 2019

    නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයන් 15 දෙනෙකුගේ සංචිතයක් නම් කර තිබේ.


    ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයෙන් තේරීම් සිදු කර මෙම සංචිතය නම් කර ඇත. එය විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් අනුමත කර තිබේ.

    පළමු ටෙස්ට් තරගය 2019 අගෝස්තු 14 වන දින ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

    1. දිමුත් කරුණාරත්න - නායක
    2. ඇන්ජලෝ මැතිව්ස්
    3. දිනේෂ් චන්දිමාල්
    4. ලහිරු තිරිමාන්න
    5. කුසල් මෙන්ඩිස්
    6. කුසල් ජනිත් පෙරේරා
    7. නිරෝෂන් දික්වැල්ල
    8. ධනංජය ද සිල්වා
    9. අකිල ධනංජය
    10. ලසිත් ඇඹුල්දෙනිය
    11. සුරංග ලක්මාල්
    12. ලහිරු කුමාර
    13. ඕෂධ ප්‍රනාන්දු
    14. ලක්ෂාන් සඳකැන්
    15. විශ්ව ප්‍රනාන්දු

    Latest News