පුහුණුකරු හතුරුසිංහට ඇමති අනුමැතිය අහිමිවේ; ඇමතිගෙන් කොන්දේසි කිහිපයක්

අගෝ 05, 2019

    චන්දික හතුරුසිංහ මහතාට ශ්‍රී ලංකා, නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසට කටයුතු කිරීමට තමා අවසර නොදු බව, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද ක්‍රීඩා අමාත්‍යාංශ යේ පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අදහස් පළ කළ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා....

    “සිකුරාදා දවසෙදි මම ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සම්පුර්ණයෙන් හමුවුණා. එතුමන්ලා ඉල්ලීමක් කළා කාලයක් දෙන්න පුලුවන්ද හතුරුසිංහ මහත්තයාට මේ නවසීලන්ත සංචාරය ඉවර කරන්න. මගේ ඒකේ ගැටලුවක් නැහැ. මම ඉල්ලපු විධියට දිනන දිනන විධියට ගෙවීමේ ක්‍රමය හදන එක හොඳ නැද්ද කියලා. මගේ ඉල්ලීම ඒකයි. ක්‍රීඩකයන්ටත් මේගොල්ලන් පඩි දෙන්නේ එහෙම නම් පුහුණුකරුටත් එහෙම කරන්න බැරි ඇයි මගේ ඉල්ලීම වුණේ. පැය 24ක් ඇතුළත මේ සම්බන්ධයෙන් විධායක සැලසුම් කොහොමද කියන්නන් කියලා, ඒක කිව්වේ නැහැ. ඒ නිසා මට ලිපියක් ලියලා ඉල්ලීමක් කළා, ඒකට මම ඒකට එකඟ වුණේ නැහැ. අද මම එතුමන්ලට දැනුම්දීමක් කරලා ඇරියා එතුමාව නවසීලන්ත සංචාරයේ තියන්න එපා පුහුණුකරු හැටියට. හැබැයි එතුමට ලංකාවේ ඉඳලා ඒ කාලේ ඇතුළත එතුමට පුලුවන් නැවත සාකච්ජා කරන්න. එහෙම නැත්නම් එතුමා උසාවිය පැත්තෙන් යනව නම් හරි ඒක කරන්න සිද්ධ වෙනවා, එතුමට කැමති නැත්නම්. පුහුණුකරුවෙක් කියනවනම් නැහැ මට තව මාස 18ක් තියෙනවා නෑ මට ගාන ගෙවන්න කියලා ඒක සාධාරණද?“ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය

    Last modified on සදුදා, 05 අගෝස්තු 2019 19:22

    Latest News