ජාතික දැල්පන්දු සමස්ත ශූරතාව කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට

අගෝ 03, 2019

    28 වන ශ්‍රී ලංකා පාසල් ජාතික දැල්පන්දු ශුරතාවලියේ, සමස්ත ශූරතාව හිමිකර ගැනීමට කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සමත්විය.

    ඔවුන් මෙම ශූරතාව අඛණ්ඩව හිමිකරගත් 12 වැනි අවස්ථාව මෙයයි. තරගාවලිය අද අවසන් වුණේ, කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී. තරගාවලිය වයස් කාණ්ඩ 4ක් යටතේ පැවති අතර, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වයස අවුරුදු 13න් පහළ සහ 15න් පහළ ශූරතා ද්විත්වයම දිනාගත්තේය. ඔවුන් 17න් පහළ සහ 19න් පහළ අනු ශූරතාව දිනාගැනීමට සමත්වූවාය.

    Latest News