නවසීලන්ත කණ්ඩායම දිවයිනට

අගෝ 03, 2019

    ටෙස්ට් තරග 2 කට සහ පන්දුවාර 20 කි‍්‍රකට් තරග 3 කට සහභාගීවීම සඳහා නවසීලන්ත කි‍්‍රකට් කණ්ඩායම ඊයේ (02) රාත්‍රී දිවයිනට පැමිණ ඇත.

    මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අනුශූරයින් වන නවසීලන්තය ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයක නිරත වන්නේ වසර 6 කට පසුවයි.

    ශී‍්‍ර ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 14 වැනි දින ගාල්ල කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.

    දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 22 වැනි දින ආරම්භ වන්නේ කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදීයි.

    දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ සියළු තරග පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

    පළමු තරගය සැප්තැම්බර් මස පළමු වැනි දිනත්, දෙවන තරගය සැප්තැම්බර් මස 3 වැනි දිනත් පැවැත්වීමට නියමිතයි.

    දෙරට අතර අවසන් පන්දුවාර 20 කි‍්‍රකට් තරගය සැප්තැම්බර් මස 6 වැනි දින පැවැත්වේ.

    Latest News