ශ්‍රී ලංකා කණ්ඩායමට නව පුහුණුකරුවන්ගේ අවශ්‍යතාව ඇමති හරීන් අවධාරණය කරයි

අගෝ 02, 2019

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරට මේ වනවිට තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇතැයි, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ, යම් හෙයකින් නවසීලන්තය සමඟ තරගාවලියට පුහුණුකරුවෙකු පත්කළ නොහැකි වුවහොත්, ශ්‍රී ලංකා “ඒ“ කණ්ඩායමේ පුහුණුකරු යටතේ කණ්ඩායම ඊට සහභාගි කරවන බවයි. 

    ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ප්‍රකාශ කලේ, බංග්ලාදේශ තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු පුහුණුකරුවන් සිය ධූරවලින් ඉවත් විය යුතු බවයි. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා පුද්ගලයෙකු පත් කිරීමට සලකා බැලුණේ ඒ අනුවයි. මෙතෙක් එම තනතුර දැරූ චන්දික හතුරුසිංහ මහතා 2017 වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරිණ. හතුරුසිංහ මහතා පිළිබඳව සහ ශ්‍රී ලංකා ක්‍රිකට කණ්ඩායමේ ඉදිරි සැලසුම් පිළිබඳ ව ක්‍රීඩා අමාත්‍යවරයා අද අදහස් පළ කලේය.

    “මමත් ආසයි මහේල ජයවර්ධන ලංකාවේ පුහුණුකරනවා නම්. ඇත්තටම මම හිතන්නේ ලංකාවේ දැන් ඕනේ අලුත් පරපුර තේරුම් ගන්න පුලුවන් පුහුණුකරුවෙක්. මම එතුමට මගේ දුරකතනයෙන් පණිවුඩයක් යැව්වා. හැබැයි මේ වනකොට තුන් දෙනෙක් නම් වෙලා ඉන්නවා. තුන්දෙනාම ලෝකයේ පළමු පහේ ඉන්න පුහුණුකරුවන් තුන් දෙනෙක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කිව්වේ යම් හෙයකින් කෙනෙක්ව පත්කරන්න බැරි වුණොත් ශ්‍රී ලංකා “ඒ“ කණ්ඩායමේ පුහුණුකරු, ප්‍රධාන පුහුණුකරු හැටියට නවසීලන්ත සංචාරයේ තියලා ඒ අලුත් කෙනත් එක්ක යනවා කියලා. වචනයක් කිව්වට පස්සේ ඒ වචනේ පිළිගන්නට ඕනේ. හතුරුසිංහ මහත්තයට කිසිම අසාධාරණයක් කරන්නේ නැහැ. යම් කිසි වෙලාවක දක්‍ෂතාවල අඩුවීමක් වුණොත් එයා අපිට සැලසුමක් දෙන්න ඕනේ එහෙම නැත්නම් වෙන් වෙන්න ඕනේ“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    Last modified on සිකුරාදා, 02 අගෝස්තු 2019 20:18

    Latest News