නුවන් කුලසේකර සමුගනි: කුලසේකර සිටි තැන හිලි කරයි

ජූලි 24, 2019

    ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරන බව තේරීම් කමිටු සභාපතිවරයා නොදැන සිටියාද බොහෝ දෙනකු ඒ ගැන දැනුවත්ව සිටි බව වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර අද (24) පැවසීය.

    අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිලවශයෙන් නිවේදනය කරමින් ඔහු මේ බව කියා සිටියේය. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදි මෙම විශේෂ මාධ්‍ය හමුව පැවැත්විණ.

    “මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමුගැනීමේ තරගයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. නමුත් එයට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ. ඒ නිසා මම හිතුවා සමුගැනීම ප්‍රකාශ කරන්න මේක අවස්ථාව කියලා”

    “මාලිංගගේ ප්‍රකාශයත් සමඟ තමයි මම ඉල්ලීමක් කරන්න හිතුවේ. මම හිතුවේ මාලිංග සමුගන්නා තරගයේදීම සමුගන්න ලැබෙයි කියලයි. බංග්ලාදේශ තරගාවලියට සංචිතයක් නම් කරලා තියෙනවා. ඒකට මම ඇතුළත්ව නෑ. ඒ කියන්නේ මට තරගයක් ලැබෙන්නේ නෑ කියන එකනේ”

    “මාලිංග සමඟ වසර 10 ක් විතර ක්‍රීඩා කළා. ඔහු රටට ලොකු සේවයක් කළ ක්‍රීඩකයෙක්. ඔහු 26 වැනිදා තරගයේදී එක්දින පිටියෙන් සමුගන්නවා. ඒ තරගයට මමත් එනවා. සියලු දෙනාම මම ආරාධනා කරනවා තරගය නරඹන්න ඇවිත් ඔහුට ගෞරවය දක්වන්න”

    නුවන් කුලසේකරට ද සමුගැනීමේ තරගයක් ලබාදෙන ලෙස ලසිත් මාලිංග එංගලන්තයේදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉල්ලීමක් කළේය. සමුගැනීම ගැන කිසිම කණගාටුවක් නෑ. මම මගේ රටට කරපු දේවල් මම දන්වා. මාලිංග කළ ඉල්ලීමෙන් තමයි මම නැවත කරළියට ආවේ. මම එම ඉල්ලීම ගැන මාලිංගට ස්තූතිය පළ කරනවා”

    “මම 2007 වසරේ සිට 2017 වසර දක්වා මගේ රට නියෝජනය කළා. එක්දින ලෝක කුසලාන තරගාවලි දෙකකට සහ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය තුනකට ක්‍රීඩා කළා. 2014 වසරේ විස්සයි20 ලෝක ශූර කණ්ඩායමත් නියෝජන කළා. තේරීම් කමිටු සභාපතිවරයා නොදන්නවා වුණාට මම ඕස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කරනවා කියලා සෙසු අය දන්නවා”

    “මම ලෝක එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ හිමිකරගනෙ සිටියා. ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නකුට නැවත ඒ තැනට එන්න වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී 2006 වසරේ වාස් අයියයි මායි සම්බන්ධයක් පවත්වලා ටෙස්ට් තරගය බේරාගත් එක මගේ ක්‍රිකට් ජීවිතයෙන් අමතක වෙන්නෙ නෑ. ඒ වගේම 2014 වසරේ බංග්ලාදේශයේදී විස්සයි 20 ලෝක ශූරයන් වීම ද අමතක නොවන අවස්ථාවක්” යැයි කුලසේකර වැඩි දුරටත් පැවසීය.

     

     

     

     

     

     

     

     

     

     

     

     

    Latest News