ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජයක්

ජූලි 12, 2019

    ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් පරාජයට පත්විය.

    තරගය පැවැත්වුණේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟයි. මෙවර තරගාවලිය එංගලන්තයේ ලිවර්පූල්හි සංවිධාන කර තිබිණ. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මුල සිට තියුණු මුහුණුවරක් ගත්තේය. ප්‍රථම අර්ධය නිමා වුයේ සිම්බාබ්වේ කණ්ඩායම පෙරමුණ ගනිමින්. ඒ වනවිට ලකුණු පුවරුව 38-29ක් ලෙස සටහන්ව තිබිණ. ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට සිම්බාබ්වේ ක්‍රීඩිකාවන් සමත්වූ අතර තරගය නිමාවන වට ලකුණු පුවරුව දැක්වුණේ 79-49ක් ලෙසයි.

    Latest News