සංගක්කාර එංගලන්ත MCC සභාපති ධූරයට

මැයි 02, 2019

    ලෝ ප්‍රකට මාලිබර්න් ක්‍රීකට් සමාජයේ [Marylebone Cricket Club (MCC)] මීළඟ සභාපති තනතුර සදහා ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර යෝජනා වී ඇත.

    මාලිබර්න් ක්‍රීඩා සමාජයේ ඊයේ (01) පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී වර්තමාන සභාපතිවරයා විසින් මේ යෝජනාව සිදුකර තිබේ.

    ඒ අනුව කූමාර් සංගක්කාර MCC ක්‍රීඩා සමාජයේ සභාපතීත්වයට පත් වන පලමු බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා ලෙසින් ඉතිහාසයට එක් වනු ඇත. ඔහුගේ නිලකාලය මේ වසරේ ඔක්තෝම්බර් පළමුවනදා සිට වසරක් ඉදිරියට බලපවත්වනු ඇත.

    මාලිබර්න් ක්‍රීඩා සමාජය යනු ක්‍රිකට් ක්‍රීඩාවට ඓතිහාසික ලෙස වැදගත් සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණයෙහි හිමිකාරීත්වය දරන ලොව පැරණිතම සහ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජයයි. ක්‍රිකට් ක්‍රීඩාවට අදාල සියලුම නීතී රීතින්වල හිමිකාරිත්වය දරන්නේ මෙම ක්‍රීඩා සමාජය වන අතර සම්පාදනය කිරීමේ බලය ද මෙම ක්‍රීඩා සමාජයට හිමිව තිබිණ.

    සංගක්කාර මාලිබර්න් ක්‍රිඩා සමාජයත් සමග දිගු කලක සිට කටයුතු කරන අතර ඒ අනුව ඔහු 2011 වසරේ දී ස්ප්‍රිට් ඔෆ් ක්‍රිකට් කෞඩ්‍රි දේශනයද පැවැති වීය. 2012 වසරේ දී මෙම ක්‍රීඩා සමාජය ජීවිත කාලයටම සඳහා වන සාමාජිකත්වය ද කුමාර සංගක්කාර වෙත පිරිණමන ලදී.

    Latest News