කැපී පෙනෙන දක්‍ෂතා ඇති ක්‍රිකට් කණ්ඩායමක් අපට සිටිනවා;වාස්

මැයි 01, 2019

    කැපී පෙනෙන දක්‍ෂතා සහිත යොවුන් ක්‍රිකට් කණ්ඩායමක් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන බව, ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පවසයි.

    අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවියට සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින් ඔහු මේ බව පැවසීය. 1999 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම, අවසන් තරගය සහ අවසන් පූර්ව තරග දක්වා පැමිණ තිබේ.

    ශ්‍රී ලංකා කණ්ඩායම සෑමවිටම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි අතරතුර දී දක්‍ෂතා අතරට පැමිණිම කැපී පෙනෙන බව චමින්ද වාස් පවසයි. කණ්ඩායම තුළ දක්‍ෂ ක්‍රීඩකයින් සිටින අතර, ඔවුන්ට ඉතා හොඳින් ක්‍රීඩා කළ හැකි බව ඔහු පෙන්වා දෙයි. කණ්ඩායම එකමුතුව කටයුතු කළහොත් මෙවර ලෝක කුසලානයේ දී වැඩි වාසි ශ්‍රී ලංකා කණ්ඩායම සතු කරගත හැකි බව ද චමින්ද වාස් කියා සිටියේය.

    Last modified on බදාදා, 01 මැයි 2019 19:07

    Latest News