රිස්වාන්ට පන්දුවෙන් ගසා ශකීබ් ජය සමරයි

අගෝ 25, 2024


    ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්තානය ලකුණු 448/6 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා බංග්ලාදේශයට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන් අතර පාකිස්තානය නොසිතූ සාර්ථක ඉනිමක් ගොඩනැගූ බංග්ලාදේශය සියල්ලන් දැවී ලකුණු 565ක් ලබා ගත්තා.



    පකිස්තානු දෙවැනි ඉනිම ලකුණු 146 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වුනා. බංග්ලාදේශ ජයග්‍රහණය වෙනුවෙන් ලැබුණු ඉලක්කය ලකුණු 30 ක්. එය කිසිවකු නොදැවී ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනා.

    පකිස්තානය වෙනුවෙන් පළමු ඉනිමේදී සෞද් ශකීල් (141) සහ මොහොමඩ් රිස්වාන් (171) ශතක ලබා ගත්තා. බංග්ලාදේශ පළමු ඉනිමේ නැංගුරම වූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 191ක් ලබා ගත්තා. මෙහෙදි හසන් කඩුලු 5ක්, ශකීබ් අල් හසන් කඩුලු 4 බිඳ දමමින් පකිස්තානය පිටියේ අතරමං කළා.

    ඒ අනුව බංග්ලාදේශය පකිස්ථානයට එරෙහිව ඉතිහාසයේ මුල්ම වරට ලැබූ ටෙස්ට් තරග ජය මෙය වනවා. දෙරට අතර ටෙස්ට් තරග 14ක් පවත්වා ඇති අතර ඉන් තරග 12කම ජය පකිස්තානය සතු වුනා. එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් වුනා.

    තරගයේ වීරයා මුෂ්ෆිකර් රහීම්.

    පකිස්තානු දෙවැනි ඉනිමේ 32 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ ශකීබ් පන්දුවට පහර දෙමින් සිටි රිස්වාන් වෙත එක් වරම පන්දුවෙන් පහර දීම බොහෝ ක්‍රිකට් ලෝලීන්ගේ දෝෂ දර්ශනයට ලක් වූ සිදුවීමක් ලෙස සමාජ මාධ්‍යයේ සැරි සරනවා.

    Last modified on ඉරිදා, 25 අගෝස්තු 2024 16:08

    Latest News