විමර්ශන සඳහා දික්වැල්ලව ක්‍රීඩා විද්‍යා ආයතනයට කැඳවයි

අගෝ 23, 2024
    තරග තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අද ක්‍රීඩා විද්‍යා ආයතනයේදී ක්‍රීඩා විනය කමිටුවට කැඳවා තිබුණා.
    එහිදී දික්වැල්ලගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.
    නිරෝෂන් දික්වැල්ල ප්‍රකාශය ලබා දීම සඳහා පස්වරු 2.30 ට පමණ ක්‍රීඩා විද්‍යා ආයතනයට පැමිණියා. පැය එකහමාරක කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
    නිරෝෂන් දික්වැල්ලට තරග තහනම පැනවුණේ, 2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර තහනම් උත්තේජක භාවිතා කළ බවට එල්ල වූ චෝදනා හේතුවෙන්.
    ඒ අනුව, පසුගිය 16 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, නිරෝෂන් දික්වැල්ලට වහාම ක්‍රියාත්මක වන පරිදි තරග තහනමක් පැනවෙන බවයි.

    Latest News