පැරිස් ඔලිම්පික් ක්රීඩා උලෙළේ මීටර 400 පිරිමි මිශ්ර ආර තරග ඉසව්වේ ජය වාර්තා කිරීමට ප්රංශයේ එල් මචාන්ඩ් ක්රීඩකයා සමත් වුණා.
ඒ, නව ඔලිම්පික් වාර්තාවක් ද පිහිටුවමින්.
එල් මචාන්ඩ් තරගය නිම කළේ, මිනිත්තු 4 යි තත්පර දෙකයි දශම 9 යි 5 ක කාලයකින්.
ඒ අනුව, ඔහු එම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තා. එහි රිදී පදක්කම ජපානයටත්, ලෝකඩ පදක්කම අමෙරිකාවටත් හිමිවුණා.