පළමු වටය දිනුවත් ගංගාට ඔලිම්පික් ගිලිහෙයි

ජූලි 29, 2024
    පැරිස් ඔලිම්පික් ක්රීඩා උලෙළේ කාන්තා මීටර 100 පසුපස ආර පිහිනුම් ඉසව්වේ පළමු මූලික තරගය ජය ගැනීමට ශ්රී ලංකාවේ ගංගා සෙනෙවිරත්න සමත් වුණා.

    මෙවර ඔලිම්පික් ක්රීඩා උලෙළේදී ශ්රී ලංකාව නියෝජනය කරමින් තරග බිමට පිවිසි දෙවැනි ක්රීඩිකාව වන්නේ ඇයයි.

    ගංගා සෙනෙවිරත්න තරගය අවසන් කළේ, මිනිත්තුවයි, තප්පර 4 යි දශම 2 යි 6 ක කාලයකින්. එම ඉසව්වේ මූලික තරග 5 ක් ක්රියාත්මක වුණා.
     
    කෙසේ වෙතත් අදාළ තරග ඉසව්වේ තරගය නිමකළ කාලය අනූව ඇය අවසන් 16 දෙනා අතරට තේරී පත්වුණේ නැහැ.

    Latest News