ජාතික කණ්ඩායමට දිනන්න අවශ්‍යම ක්‍රීඩකයෙක්

ජූලි 10, 2024

    LPL තරගාවලියේ 12 වන තරගය ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් වුනා. ඒ දඹුල්ල සික්සස් හා ගෝල් මාවල්ස් අතරයි.

    ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දඹුල්ල සික්සස් පන්දු වාර 20 අවසනදී ලකුණු 160/8 ක් ලබා ගත්තා. අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි තුන් ඉරියව් ක්‍රීඩක චමිදු වික්‍රමසිංහ තරගාවලියේ සිය දෙවන අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 56ක් ලබා ගත්තේ පන්දු 34 කට පමණක් මුහුණ දෙමින්.

    ගෝල් කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි. නුවන් තුෂාර කඩුලු 3ක් දවා ගත්තා. පන්දුවෙන්ද දස්කම් දැක්වූ චමිදු එක් ලකුණක් පමණක් ලබා දෙමින් ප්‍රතිවාදී කඩුලු 2 ක් දවා ගත්තා.

    ඒ අනුව තරගයේ වීරයා සම්මානයද දිනා ගැනීමට චමිදුට හැකි වුනා.

    ගෝල් කණ්ඩායම වෙනුවෙන් ඉසුරු උදානද තුන් ඉරියව් දක්ෂතා දක්වමින් ලකුණු පිත්තෙන් ලකුණු 72ක්, පන්දුවෙන් කඩුලු 2ක් දවා ගත්තද ජයග්‍රහණය සඳහා එහුගේ දස්කම් ප්‍රමාණවත් වූයේ නැහැ.

    ඒ අනුව ලකුණු 25 ක ජයක් දඹුල්ල කණ්ඩායමට හිමි වුනා.

    21 හැවිරිදි චමිදු වික්‍රමසිංහ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට අත් පොත් තැබුවා.

     

    Last modified on බදාදා, 10 ජූලි 2024 10:05

    Latest News