සද්ද බද්ද නෑ වැඩ විතරයි

ජූනි 13, 2024
    ලෝක කුසලාන 20-20 ක්රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 වටයට සුදුසුකම් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

    ඒ අද පැවැති තරගයෙන් නවසීලන්තය ලකුණු 13 කින් පරාජය කරමින්.

    ට්රිනිඩෑඩ්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 149 ක් රැස් කලා.
     
    ශර්ෆේන් රදර්ෆර්ඩ් නොදැවී ලකුණු 68 යි. පන්දු යැවීමේදී ට්රෙන්ට් බෝල්ට් කඩුලු 3 ක් දවා ගත්තා.
     
    පිලිතුරු ලෙස නවසීලන්තයට පන්දුවාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 136 ක් පමණයි.
     
    ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 40 යි. අල්සාරි ජෝසප් ලකුණු 19 කට කඩුලු 4 ක් දවා ගත්තා. ගුඩාකේශ් මෝටි කඩුලු 3 යි.

    Latest News