පකිස්තානය මෝදිව හඬවයිද ?

ජූනි 09, 2024

    20-20 ලෝක කුසලාන තරගාවලියේ 19 වන තරගය අද රාත්‍රී 8.00 ට නිව්යෝක් හිදී ආරම්භ වනවා.

    ඒ ක්‍රිකට් ලොව තියුණුම සටන ලෙසින් හැඳින්වෙන ඉන්දියාව හා පකිස්තානය අතර 20-20 තරගයයි.

    දෙරට අවසන් වරට 20-20 තරගයකදී හමු වූයේ 2022 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ මෙල්බර්න් හිදීයි.

    ඒ 2022 ලෝක කුසලාන 20-20 තරගාවලියේදීයි. එම තරගය ඉන්දියාව ජය ගත්තා. මේ වන විට දෙරට අතර 20-20 තරග 12ක් පවත්වා ඇති අතර තරග 8ක් ඉන්දියාව ජය ගෙන තිබෙනවා.

    පකිස්තානයට හිමිවී ඇති ජයග්‍රහණ සංඛ්‍යාව 3ක්. එක් තරගයක් ජය පැරදුමෙන් තොරව නිමා වී තිබෙනවා. අද රාත්‍රියේ ඉන්දීය අගමැති දිව්රුම් දීමේ උත්සවයත් යෙදී තිබෙනවා. මේ රාත්‍රිය නම් ඉන්දීය ජනතාවට අමතක නොවන රාත්‍රියක් වේවි.

    Last modified on ඉරිදා, 09 ජූනි 2024 19:12

    Latest News