එංගලන්තය පරදා ඕස්ට්‍රේලියාව ජය ගනී

ජූනි 09, 2024

    20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වන තරගය B කාණ්ඩය නියෝජනය කරන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිජ් ටවුන් හිදී පැවැත් වුනා.

    කාසියේ වාසිය දිනූ එංගලන්තය හඹා යාම තෝරා ගත්තා.

    පළමු පන්දු වාර 5ට ලකුණු 70 ක් එක් කරමින් වෝනර් සහ හේඩ් කැන්ගරු ඉනිම නතර කළේ ලකුණු දෙසීයේ සීමාවට එපිටින් (201/7). ඔස්ට්‍රේලියා මුල් පෙළ පිතිකරුවන් පස් දෙනාම ලකුණු අතර‍ට පැමිණියා. ක්‍රිස් ජෝඩන් කඩුලු 2ක් දවා ගත්තා.

    ලකුණු 202 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දු වාර 10.5 ක් නිමා වන විට ලකුණු 96/3 ක් ලබා යම් ස්ථාවර ස්ථානයක සිටියත් ඉනිමේ අවසන් භාගයේ ඔවුනට වේගයෙන් ලකුණු රැස් කිරීමට සම්පා ඇතුළු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

    නායක ජොස් බට්ලර් ලකුණු 42යි. ඇඩම් සම්පා ලකුණු 28 කට කඩුලු 2ක් දවා ගත්තා. එංගලන්ත ඉනිම කඩුලු 165/6 (20 ov)

    ඒ අනුව ලකුණු 36ක ජයක් ඕස්ට්‍රේලියාවට හිමි වුනා. තරගයේ වීරයා ඇඩම් සම්පා.

    Latest News