මොළයක්ද ? මොළ ගෙනියන නැවක්ද ?

ජූනි 09, 2024

    20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය D කාණ්ඩය නියෝජනය කරන නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ නිව්යෝක් හිදී පැවැත්වුනා.

    කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව හඹා යාම තෝරා ගත්තා.

    නෙදර්ලන්ත ඉනිම පන්දු වාර 20ක් අවසානයේ 103/9. ඔට්නීල් බාට්මන් කඩුලු 4ක් දවා ගත්තා.

    ලකුණු 104 ක ජයග්‍රහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු මුල් කඩුලු 4ම ලකුණු 12ක් තුළ දැවී අන්ත අසරණ තත්වයකට පත් වූනා. 5 වන කඩුල්ල සඳහා එක් වූ ඩේවිඩ් මිලර් සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 65ක සබඳතාවයක් ගොඩ නැගුවා.

    ප්‍රවේගකාරීත්වයට නිවාඩු දී දැඩි සංයමයකින් යුතුව පරිණත ඉනිමක් ගොඩනැගූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මිලර් ජයග්‍රහණය තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 51 කදී ලකුණු 59 (6s-4, 4s-3) ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාව නිරුපද්‍රිතව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

    දකුණු අප්‍රිකාව පන්දු වාර 18.5 කදී කඩුලු 6ක් දැවී ලකුණු 106 යි. ඒ අනුව ඔවුන්ට කඩුලු 4ක ජයක් හිමි වුනා. D කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද ඔවුන් සමත්ව සිටිනවා. සහභාගි වූ තරග 2ම ජය ගත් අප්‍රිකානුවෝ 0.789 ක දළ ලකුණු වේගයක් රඳවා ගනිමින් සුපිරි 8 වටයට යාමේ වැඩි වාසි අත්කර ගෙන තිබෙනවා.

    තරගයේ වීරයා මිලර්.

    Last modified on ඉරිදා, 09 ජූනි 2024 09:43

    Latest News