අමෙරිකාවට පෙරළිකාර ජයක්

ජූනි 07, 2024
    ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සමග පැවැති තරගයෙන් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට අමෙරිකාව සමත් වුණා.
    ඒ සුපිරි පන්දු වාරයේදී.
    තරගය පැවැත්වුණේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගනයේ.
    තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය කඩුලු 7කට ලකුණු 159ක් රැස් කළා.
    බාබර් අසාම් ලකුණු 44 යි. පන්දු යැවීමේදී නොස්තූස් කෙන්ජිගේ කඩුලු 3 ක් බිද හෙලුවා.
    තරගයේ ජයග්‍රහණය සුපිරි පන්දුවාරයකින් තීරණය කිරීමට සිදු වූයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකාව පන්දුවාර 20 තුල කඩුලු 3කට ලකුණු 159ක් රැස් කිරීමත් සමගයි.
    මොනාක් පටෙල් ලකුණු 50 යි. ඒ අනුව ලබා දුන් සුපිරි පන්දුවාරයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අමෙරිකාව ලකුණු 18ක් රැස් කළා.
    පකිස්ථානයට ලකුණු 19ක ඉලක්කය පසු කිරීමට හැකි නොවූ අතර ඔවුන් රැස් කළේ ලකුණු 13ක් පමණයි.
    ඒ අනුව තරගයේ ජය අමෙරිකාව සතු වුණා.

    Latest News